Featured Post

Download Free Full Adobe Software Pack

ෆොටෝ සහ වීඩියෝ වලින් සල්ලි හොයමු Work from home online jobs in Sinhala – Sri Lanka



Step by step tutorial to upload photos and videos to make revenue online in Sinhala. ඔබට හොදට ෆොටෝ එහෙම ගන්න පුලුවන්ද ? DSLR Camera එකක් හෝ පැහැදිලි පින්තුරු ( 4 megapixels හෝ ඊට වැඩි විය යුතුයි ) ගන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවද ? එසේ තිබේ නම් මේකත් ඔයාට හොද part time / full time job එකක්...! හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා..

1) මුලින්ම පහත වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න

2) අවශ්‍ය විස්තර ඇතුලත් කරන්න

" Get Started" කියන ලින්ක් එක වෙත ගොස් අවශ්‍ය තොරතුරු ඇතුලත් කරන්න.

3) Photos and Videos වෙබ් අඩවියට යොමු කරන විදිය

ලියාපදිංචි වූ පසු වෙබ් අඩවියට ෆොටෝ සහ වීඩියෝ ඇතුලත් කරන්න පුළුවන් ( high quality, හරියට focus කරපු, blur වෙලා නැති, noise නැති , lighting අවුල් නැති ෆොටෝ විතරක් දාන්න... ).

3a) Photos : ෆොටෝස් ඇතුලත් කරන විදිය

ඔබේ ගිණුමේ තියෙන " Upload Images" ලින්ක් එක වෙත ගොස් පින්තුර ඇතුලත් කරන්න ( අප්ලෝඩ් කරන්න ).  ඉන්පසු පින්තුරයේ විස්තරය එකතුකරලා... "Submit" කරන්න.
පැය කීපයකින් හෝ දින කීපයකින් පින්තුරය අනුමතයිද අනුමත නැද්ද කියලා ගිනුමේම පෙන්වාවි..
පින්තුරය අනුමතයි නම් ටික වෙලාවකින් එය වෙබ් අඩවියේ පෙන්වනවා..
අනුමත වුනේ නැත්තම්, ඒකට හේතුවත් / හේතු සදහන් වෙනවා.. බොහෝ වෙලාවට quality අඩුයි නම්, හරියට focus කරලා නෑ වගේ නම්, blur වෙලා නම් , noise වැඩි නම්, lighting අවුල් නම් වගේ තමා reject වෙන්නේ.
අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න. ඔය මේ වෙබ් අඩවියට යොමු කරන ෆොටෝ, ඔයා විසින්ම ගත්තු ෆොටෝ වෙන්න ඕන. ඒවගේම කිසිම විටක මේ පින්තුර නොමිලේ ගන්න පුළුවන් වෙබ් අඩවි වලට උප්ලෝඩ් කරන්න එපා..

3b) Videos : වීඩියෝ ඇතුලත් කරන විදිය

1 - FillZilla හෝ එවෙනි FTP Software එකක් භාගත කරගන්න
2 - Shutterstockවල FTP Server එකට පහල තොරතුරු දාලා Connect කරගන්න
Host Name : ftp.shutterstock.com
Username: Account username / email
Password: Account password
3 - FTP Software එකේ 'Connect' / 'Quick Connect' ලින්ක් එක වෙත යොමු වෙන්න
4 - ඉන්පසු වීඩියෝ ටික යොමුකරන්න ( අප්ලෝඩ් කරගන්න )
5 - දැන් Shutterstock ගිණුම වෙත පිවිසෙන්න. ඔය අප්ලෝඩ් කරපු වීඩියෝ ටික පෙන්වාවි. අවශ්‍ය විස්තරය ඇතුලත් කරලා "submit" කරන්න.. වීඩියෝ අනුමතයි නම්, ටික වෙලාවකින් එය වෙබ් අඩවියේ පෙන්වනවා..

4) ෆොටෝ සහ වීඩියෝ වලට සල්ලි ලැබෙන්නේ කොහොමද ?

ඔයා Shutterstock වෙත යොමු කරපු වීඩියෝ හෝ ෆොටෝ කවුරු හරි සල්ලි දීලා ගත්ත ගමන් ඔයාගේ Shutterstock ගිණුමට සල්ලි ලැබෙනවා 😎

5) Shutterstock ගිණුමට ලැබෙන සල්ලි ගන්නේ කොහොමද ?

SkrillPayoneer හෝ Paypal ගිණුමකට ඔයාට සල්ලි ගන්න පුළුවන්. ඉනපසු ඔයාගේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුළුවන්..
Shutterstock ගිණුමේ  'Account settings' වලට ගිහින් payment method එක විදියට ඉහත එකක් තෝරාගන්න. ( ඔයා ලංකාවේ නම් ඉන්නේ Skrill හෝ Payoneer  තෝරාගන්න ..  ඔබේ Paypal ගිණුමට මුදල් ගෙන්න ගන්න පුළුවන් එකක් නම් විතරක්, Paypal තෝරාගන්න..   )
සාමාන්‍යයෙන් සෑම මසකම 7යි -15යි අතර ( සති අන්තයේ හැර ) ස්වයංක්‍රියාවම ගෙවීම් කරනවා.
ජයෙන් ජයම වේවා ! 😎

Comments