Featured Post

Download Free Full Adobe Software Pack

අන්තර්ජාල රැකියා අවස්ථා – Work from home online jobs in Sinhala – Sri Lanka

Work from home online jobs in Sinhala – Sri Lanka

නුතන තාක්ෂණය නිසා ලෝකය විශාල වශයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඔබ අන්තර්ජාලය නිතරම භාවිතා කරන්නෙක් නම් හෝ මුහුණුපොත වගේ නිතරම පාවිච්චි කරන කෙනෙක් නම් මේ වන විටත්. ඔබටත් එක තේරිලා ඇති. ඉතින් රැකියා වෙලදපොලත් ඒ වගේම වෙනස් වෙමින් තිබෙනවා. බොහෝ දේවල් නිවසේ සිට කරමින් ස්ථාවර ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ඉඩ දැන් තියෙනවා. හැබැයි සාමාන්‍ය රැකියාවක් වගේ ඉවසීම සහ කැපවීම මේවටත් ඕන වෙනවා. ( නිකන් උඩ බලන් හිටියට සල්ලි ලැබෙන්නේ නෑ යාලුවේ ! 😉 )
හරි ඉතින් අපි බලමු  නිවසේ සිට කරන්න පුළුවන් අන්තරජාල රැකියා එහෙමත් නැත්තම්  ' work from home online jobs in Sri Lanka ' මොනවද කියලා.

1. ෆ්‍රී ලාන්සර් කෙනෙක් ලෙස රැකියාවක් කර මුදල් හොයමු - Earn money online as a Freelancer in Sri Lanka

ඔබට ලිපි ලිවීමේ, ඩිසයින් වැඩ, වෙබ් වැඩ, ප්‍රෝග්‍රෑම් වැඩ, වීඩියෝ සැදීම, උපදේශක සේවා හෝ නිවසේ සිට සැපයීය හැකි සේවා සපයන්න පුළුවන් නම් ඔබට freelancer කෙනෙක් විදියට Fiverr, Freelancer, Upwork හෝ එවෙනි වෙබ් අඩවියක් හරහා ඔබට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඔබේ වැඩ හොදයි නම්, වෙලාවට වැඩ ඉවර කරනවා නම් සහ එහෙන් මෙහේන් කොපි ගහපුවා නෙමේ නම් අනිවාර්යෙන් නිතරම වැඩ මේ වෙබ් අඩවි වලින් ගන්න පුළුවන්.

2. බ්ලොග් ලියමු - Write Blogs and earn money online Sri Lanka Sinhala

ඔයාට පුළුවන් බ්ලොග් එකක් ලියන්න ඔයා දන්නා දැනුම භාවිතා කරලා, ඉන්පසු google adsense හෝ එවෙනි ඇඩ් නෙට්වර්ක් එකක් බ්ලොග් එකට එකතු කරලා මුදල් හොයන්න පුළුවන්.
How to earn money online with blogging in Sri Lanka කියන සිංහල ලිපිය කියවන්න වැඩි විස්තර සදහා. කරන්න ඕන හැම දේම වගේ ලිපියේ තියෙනවා.

3. ෆොරෙක්ස් ට්‍රේඩ් කරමු - Online Forex Trading in Sinhala, One of the Best way to earn money online in Sri Lanka

ඔයාට අන්තරජාලය හරහා ෆොරෙක්ස් ට්‍රේඩ් කරමින් මුදල් හොයන්න පුළුවන්.  ICMarketsPepperstoneTickmill වැනි ලොව පිළිගත් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් ෆොරෙක්ස් ට්‍රේඩින් සදහා .
IC Market Forex Tutorial Sinhala හෝ  Tickmill Forex beginner guide sinhala කියන ලිපි ටික කියවන්න ට්‍රේඩින් බ්‍රෝකර් ආයතනයක ලියාපදිංචි වෙන විදිය, කොහොමද ට්‍රේඩ් කරන්නේ කියන දේවල් සියල්ල ඉගෙනගන්න.  ( forex chart patterns සහ candlestick patterns ලිපි ටිකත් කියවන්න ).
තව දෙයක් තියෙනවා කියන්න. ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ ඉහල අවධානමක් සහ ඉහළ අදායමක් උපයන්න පුළුවන් ක්‍රමයක් ඉතින් මෙහි තියෙන ඉහල අවධානම ගන්න පුළුවන් අයට තමයි මේක වඩාත් සුදුසු. ( උදාහරණයකට ඔබ $100 ගිණුමේ තියන් ට්‍රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $100ම නැතිවෙන්න පුළුවන් හැබැයි සාර්ථක නම් $150 ~ $1000 වුනත් එම ට්‍රේඩ් එකෙන් හොයන්න පුළුවන් )

4. ඔප්ෂන් ට්‍රේඩින් - Online Options Trading in Sri Lanka

මේකත් ඉතින් ෆොරෙක්ස් වගේ තමා ඊත් ෆොරෙක්ස් වලට වඩා අවධානම අඩුයි. ( උදාහරණයකට ඔබ $100 ගිණුමේ තියන් $10 ට්‍රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $10යි උපරිම නැතිවෙන්න පුළුවන් හැබැයි සාර්ථක නම් $18 - $20 ලැබෙනවා. ගිණුමේ ශේෂයට බලපෑමක් නෑ ෆොරෙක්ස් වල වගේ ). ඔයාට ලොව පිළිගත් Binary.com,හෝ Olymp Trade වගේ බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. BO Sinhala Tutorial හෝ Olymp Trade Sinhala Tutorial වලින් කරන්න ඕන ඔක්කොම දේවල් වගේ ඉගෙන ගන්න පුළුවන්.

5. ක්‍රිප්ටෝ  - Crypto Trading in Sinhala Sri Lanka

මේකත් ඉතින් ෆොරෙක්ස් වගේම දෙයක්. ICMarket වගේ බ්‍රෝකර් කෙනෙක් හරහා  USD/BTC වගේ ට්‍රේඩ් කරන්න පුළුවන්.  මේකත් ඉතින් ඉහල අවධානමක් තියෙන දෙයක්.

6. ෆොටෝ හෝ වීඩියෝ සල්ලි කරමු - Sell Photos and Videos in Shutterstock - Earn Money Sri Lanka

ඔබට ලස්සනට DSLR camera එකකින් වගේ ෆොටෝ හෝ වීඩියෝ ගන්න පුළුවන් නම් ( 4 megapixels හෝ ඊට වැඩි වෙන්න ඕන හොදේ  ),  මේක තමයි ඔයාට හරියන නියම earn money online job in Sri Lanka. ඔයාට පුළුවන් Shutterstock වෙබ් අඩවියට ෆොටෝ හෝ වීඩියෝ  upload කරලා ඒවා කවුරු හෝ මිලාදී ගැනීමේදී ඔයාට අදායමක් ලබාගන්න පුළුවන්.

7. උපදේශක සේවා සපයන්නෙක් වෙන්න - consultant/guru earn money online  Job vacancies in Sri Lanka

ඔයා යම් දෙකට දක්ෂ නම් ඔබට පුළුවන් එම ශේෂ්ත්‍රයේ ගුරුවරයෙක් වෙන්න. අන්තරජාලය හරහා උපදේශක සේවා සපයන්න පුළුවන් Udemy වගේ වෙබ් අඩවි හරහා.

8. ඊ පොත් ලියමු සල්ලි හොයමු - Online ebooks to earn money in Sri Lanka

පොත් ලියලා සල්ලි හොයන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් ඊ පොත් එහෙමත් නැත්තම් ebooks පළ කරලා මුදල් හොයන්න. Amazon හෝ Ebay වගේ වෙබ් අඩවි තුල ඔබට ඔබේ පොත විකුණගන්න පුළුවන්. ඒවගේම ඔයාගෙම වෙබ් අඩවියකත් පොත විකුනන්න පුළුවන් ( බ්ලොග් හදන විදියම වගේ තමයි. ඒ ලිපියත් කියවන්න ).

9. ඩ්‍රොප් ශිපින්ග්  - Drop-shipping earn money online Sri Lanka sinhala

ඔයාට පුළුවන් Aliexpress වගේ වෙබ් අඩවියක බඩුමුට්ටු ඔබේ වෙබ් අඩවියේ විකුනන්න අතරමැදියෙක් වගේ. මේකට ඕන වෙන්නේ ඔබේම වෙබ් අඩවියක්, මුදල් ලබාගන්න ක්‍රමයක් සහ Aliexpress drop shipping plugin එක විතරයි. ඔයාට ඕන බඩුමුට්ටු මේ ප්ලගින් එක හරහා ඔයාගේ වෙබ් අඩවියට import කරගන්න තියෙන්නේ සහ ඔබේ මිල ගණන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගිකයා බඩුමුට්ටු මිලදී ගත් පසු ඔයාට තියෙන්නේ Aliexpress එකෙන් ඊක ඔර්ඩර් කරලා පාරිභෝගිකයාගේ ලිපිනයට යවන්න. ( අර ප්ලගින් එකෙන් මේක ස්වයංක්‍රියවම කරවගන්නත් පුළුවන් ). Dropshipping in Sri Lanka Tutorial

10. දැන්වීම් බලමු සල්ලි හොයමු  - Earn money online jobs with paid to click ads.

සමහර වෙබ් අඩවි වල ඔබ දැන්වීම් බැලුවහම ඔවුන් සල්ලි ගෙවනවා. නොමිලේ දැන්වීම් බලලා සල්ලි හොයන්න පුළුවන් Neobux වගේ වෙබ් අඩවි වලින්. සාමාන්‍යයෙන් $0.005 ~ $0.01 වගේ තමයි ගෙවන්නේ එක දැන්වීමකට. මේක ඉතාම ලේසි ක්‍රමයක්, නුමුත් මේ ක්‍රමය හරහා සැලකියයුතු මුදල් ප්‍රමාණයක් හොයන්න නම් strong downline එකක් ඕන වෙනවා. 😎
ඉතින් මේ ටික තමා දැනට ඔයාට සර්තාකව earn money online කරන්න පුළුවන් ක්‍රම. තව ඒවා හොයාගත්ත ගමන් මේකට එකතු කරන්නම්.
ජයවේවා ! 😎

Comments