Featured Post

Download Free Full Adobe Software Pack

ඩ්‍රොප්ෂිපින් හරහා අන්තර්ජාලයෙන් මුදල් හොයමු – Dropshipping earn money online Sri Lanka sinhala

Dropshipping earn money online Sri Lanka sinhala


අද අපි බලමු  Aliexpress drop shipping plugin හරහා  අන්තර්ජාලයෙන් ඩ්‍රොප්ෂිපින් ක්‍රමයට බඩු මුට්ටු අලවි කරලා මුදල් හොයන විදිය. මේකත් හොද best way to earn money online in Sri Lanka ක්‍රමයක්

මොකක්ද මේ ඩ්‍රොප්ෂිපින් කියන්නේ ?

ඉතා සරලව කිව්වොත් ඔයා කරන්නේ අතරමැදියෙකුගේ වැඩක් වගේම දෙයක්.
ඔයාගේ වෙබ් අඩවියේ ඔයා පරිගණක උපාංග දාලා තියෙනවා කියලා හිතමුකෝ. දැන් කෙනෙක් ඇවිත් ඔන්ලයින් ගෙවලා ඔර්ඩර් කරා කියලා හිතමු පෙන් ඩ්‍රයිව් එකක් Rs 2000 වගේ දීලා . දැන් ඔයාට තියෙන්නේ හොද Aliexpress සෙලර් කෙනෙක් හරහා ඒ ජාතියම පෙන් ඩ්‍රයිව් එකක් ඔර්ඩර් කරන එක අර ඔයාගේ වෙබ් අඩවියට ආපු කෙනාගේ විස්තරේ දාලා ( හිතමු ඔයා ඒක 1500ක් ගෙව්වා කියලා ). Aliexpress සෙලර් ඔයගේ කෙනාගේ නමට ඒක යවනවා. ඉතින් ඔයාට නිකන්ම Rs 500 ලාභයි.
හැබැයි ඉතින් මේ වැඩේ එකින් එක කරන්න යනවා කියන්නේ වැඩේ අල වෙන එක 😀 . මේ  Aliexpress drop shipping plugin එකෙන් ස්වයංක්‍රියවම බොහොමයක් වැඩ කරවගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ දේවල් කියලා.

පළමු ක්‍රමය ) වෙබ් අඩවියම ඔවුන් හදලා දෙනවා

ඔවුන් විසින් ප්ලගින් එක දාලා ඔයාට වෙබ් අඩවියම හදලා දෙනවා. ඔයාට කිසිම තාක්ෂණ දැනුමක් ඕනත් වෙන්නේ නෑ ඒක නිසා. මේකෙත් පැකේජ කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාට වඩාත් සුදුසු වෙන එකට යන්න පුළුවන්.  පහත තියෙන්නේ පැකේජ වල මිල ගණන් සහ ලැබෙන සේවාවන්.
dropshipping-readymade-stores-sri-lanka

දෙවෙනි ක්‍රමය ) WordPress වෙබ් අඩවියක් ඔයාට හදාගෙන එකට ප්ලගින් එක දාගන්න පුළුවන්.

මේක ඉතින් ලාබයි. ඔයාට කරන්න තියෙන්නේ වෙබ් අඩවිය හදාගෙන ඒකට මේ ප්ලුගින් එක දාගන්න එක. වෙබ් අඩවිය හදහන විධිය ඉගෙන ගන්න අපේ Blog making in Sinhala ලිපියෙන් ( එම ලිපියේ 5 සහ 7 වෙනි කොටස් අදාල නෑ හොදේ  ). ගන්න ඉස්සෙල්ලා ඩෙමෝ එක පහත ලින්ක් එකෙන් නොමිලේ පාවිච්චි කරලා බලන්න පුළුවන්.
aliexpress dropshipping in sri lanka
ඔයාට පහත තියෙන වීඩියෝ එකෙන් ප්ලගින් එක යොදාගෙන වැඩේ කරන විදිය ඉගෙන ගන්න පුළුවන්.

Dropshippingවලට ඔබට වැදගත් වෙන කරුණු කීපයක්

ඕනෙම වියාපාරයක් කියන්නේ යම් මට්ටමක අවධාමනක් තියෙනවා කියන එක. මේකත් සාමාන්‍ය මට්ටමේ අවධානමක් ~ ලාභයක් තියෙන වියාපාර ක්‍රමයක් කියන එක මතක තියාගන්න හොදේ.
සැමවිටම ඔබ භාණ්ඩ ගන්න රේටින්ග් හොද සෙලර්ලාගෙන්.
ඩිලිවරි කරන දවස් ගණන සෙලර් දවස් ගණනට වඩා වැඩියෙන් වෙබ් අඩවියේ යොදවන්න.
පේපැල් හෝ විශ්වාසවන්ත ගේට්වේ ( Payment gateway ) එකක් පාවිච්චි කරන්න සල්ලි ගන්න ඔයාගේ පාරිභෝගිකයන්ගෙන්.
ඔබ මිල සදහන් කරදී ඔබට ලාභයක් ලැබෙන විදියට මිල යොදවන්න.
ජනප්‍රිය බඩු මුට්ටු විකුණන්නන බලන්න.

work from home එහෙමත් නැත්තම් ගෙදර සිට කරන්න පුළුවන් high reward earn money online Sri Lanka දේවල් මොනවාද?

ඔයාට ෆොරෙක්ස් කරන්න පුළුවන්. ඒක ඉහල අදායමක් උපයන ක්‍රමයක් ( ඒවගේම ඉහල අවධානමකුත් තියෙනවා ).  ඔයාට Forex Sinhala Tutorial ලිපියෙන් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන ආකාරය ඉගෙන ගන්න පුලුවන්. ඒවගේම Bo වලිනුත් ඉහල අදායමක් හොයන්න පුලුවන් ( මේකෙත් ඉහල අවධානමකුත් තියෙනවා ).
ජය වේවා ! 😎

Comments